06 July 2025

logo

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරයට



නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කළ ජීප් රථයක් අල්ලස් කොමිසම මඟින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය මස 18වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන ලෙසට අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ විසින් නියෝග කර තිබෙනවා.

නමුත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණා.

ඒ අනුව අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)