01 April 2025


කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීමට වැඩපිළිවෙළක්



පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන ''ඇගේ ගමනට සහය වෙමු'' යන්න තේමා මුල්කර ගනිමින් පවත්වන බවයි වාර්තා වන්නේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිංසන සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.

(colombotimes.lk)