02 December 2024


රාවණා ළඟට යාමට තහනමක්



රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වනවා. 

ඒ මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන්. 
 
මේ නිසා දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබෙනවා. 
 
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් එම තීරණය ගෙන තිබෙනවා. 
 
මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
(colombotimes.lk)