2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබෙනවා.
ඒ සඳහා වන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර අවංගු වනවා.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කළ යුතු අතර එම දිනය පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට මාස 3කට පෙර දිනයක් විය යුතුයි.
(colombotimes.lk)