දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මිය ගොස් තිබෙනවා.
මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූ බවයි වාර්තා වන්නේ.
මෙම සත්ත්වයා දෙහිවල සත්වෝද්‍යානයට ඉන්දුනීසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී තිබෙනවා.
සත්වෝද්‍යාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ මිය යාමට දින 03කට පමණ පෙර එම සත්ත්වයා අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි.
එමෙන්ම මේ වන විට ඔරං ඔටං සත්ත්වයාගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර තිබෙනවා.
(colombotimes.lk)