'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශවල වගකීම් සමාලෝචනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (20) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි වරලත් ගොඩනැගිල්ලේ 2වන මහලේදීයි.
රජයේ ප්‍රධාන මුලපිරීමක් ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් මෙම වසර සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5ක් වෙන් කර තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා තක්සේරු කිරීමෙන් සහ ඒ අනුව මූල්‍ය ප්‍රතිපාදන ඇගයීමෙන් මෙම අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම අවධානයට යොමු වූ බවයි වාර්තා වන්නේ.
පාසල් තුළ සනීපාරක්ෂාව සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මාධ්‍ය සහභාගීත්වය තුළින් මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම වැඩිදියුණු කිරීම, සංචාරක කර්මාන්තය සඳහා මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම, කුලී වාහන රියදුරන්ගේ වෘත්තීයභාවය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා තිරසාර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීම, ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශවල පාංශු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ තෝරාගත් මහවැලි කලාපවල පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමට පියවර ගැනීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.