24 April 2025


පුංචි ඡන්දෙට පාසල්වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි



එළඹෙන මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)