10 June 2025


'Colombo Times ධර්මාභිවන්දනා' වෙනුවෙන් පුංචි දඹදිව සූදානම්



උතුම් ශ්‍රී සම්බුදු වදන අනුබුදු මිහිදු හිමියන් මෙසිරිලකට උරුම කළ පින්බර පොසොන් පොහෝ දිනය හෙටට (10) යෙදී තිබෙනවා.

මෙවර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදී පැවැත්වෙනවා. 

මෙම විශේෂ සදහම් වැඩසටහන ආරම්භ කරමින් උදෑසන 6.00ට කිරි ආහාර සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව අශ්ඨාංග සීලය සමාදන් වීමට නියමිතයි. 

'Colombo Times ධර්මාභිවන්දනා' විශේෂ වැඩසටහන වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. 

උතුම් වූ පොසොන් පොහෝ දින ඔබත් Colombo Times සමඟින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පුරන්නට දැන්ම පහත Link එකෙන් පිවිස Colombo Times Youtube නාලිකාව Subscribe කරන්න.

https://www.youtube.com/@ColomboTimes_LK


 
(colombotimes.lk)