17 July 2025

logo

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් 4කට ට්‍රම්ප් පරිපාලනයෙන් සම්බාධක



ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් සිව් දෙනෙක්ට එරෙහිව සම්බාධක පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබෙනවා. 

ඒ ඔවුන් ඇමරිකානු පුරවැසියන්ට හා ඊශ්‍රායලයට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීම සඳහා සම්බන්ධ වී ඇති බවට චෝදනා කරමින්. 

එරට රජයක් මෙම අධිකරණයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගෙන ඇති පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙසේ සම්බාධක පනවා ඇත්තේ එම නඩු කටයුතුවලට සම්බන්ධ වී සිටින උගන්ඩා, පේරු, බෙනින් සහ ස්ලෝවේනියානු ජාතික විනිසුරුවරියන් සිව්දෙනෙක්ට බවයි වාර්තා වන්නේ. 

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය දේශපාලනීකරණයට ලක්වී ඇති අතර එය ඇමරිකානු පුරවැසියන්ට හා එහි හිතවත් පාර්ශවයන්ට පදනම් විරහිතව නඩු පවරා ඇති බවයි. 

ඒ හේතුවෙන් අදාළ සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රජය කටයුතු කළ බව ඔහු කියා සිටියා. 

(colombotimes.lk)