මෙවර පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' අද (10) උදෑසන ආරම්භ වුණා.
ඒ රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදීයි.
එහිදී අශ්ඨාංග සීලය සමාදන් වීම රත්නපුර රත්ගඟ පුංචි දඹදිව විහාරයේ ගරු විහරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී, මුළු දිවයිනටම සාම විනිසුරු, විනය කීර්ති ශ්‍රී ශාසන විභූෂණ සද්ධර්මා වාගීශ්වර, අන්තර් ජාතික මානව හිමිකම් පිළිබඳ කාර්ය සාධක බලකායේ ක්‍රවුන් චාන්සර්, අමරපුර මහා නිකායේ චූලගන්දී පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය දෙවුම්පහළ දේවමිත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
අනතුරුව පොසොන් පොහොයේ වැදගත්කම පිළිබඳ විශේෂ ධර්ම සාකච්ඡාව තෙල්දෙණියේ අමරඥාණ ස්වාමීන් වහන්සේගේ සහ කුට්ටිගල පාසිකෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ වන විට තපෝවනයේ අරියධීර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සජීවී ධර්ම දේශනය පැවැත්වෙනවා.
'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්,