වසර 16කට පසු ඉන්දීය රජය ජන සංගණනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අදියර 02කින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සංගණනය 2027 වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බවයි.
එසේම මෙම සංගණනය එරට පළමුවරට සිදු කරන ඩිජිටල් සංගණනය වන බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ අවසන් වරට ජන සංගණනයක් පවත්වා ඇත්තේ 2011 වසරේදී වන අතර ඉන් අනතුරුව 2021 වසරේදී ජන සංගණනයක් පැවැත්වීමට නියමිතව තිබුණත් මේ දක්වා එම සංගණනය පවත්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)