colombotimes.lk
සිංහල | English

08 September 2024


චමරි අතපත්තුගේ නමින් ආසන කළාපයක් වෙන්කරයි



Sydney Thunder කණ්ඩායම විසින් නොවැම්බර් 26 වන දින සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, “Chamari Bay” නමින් ආසන කළාපයක් වෙන් කිරීමටයි.

චමරි අතපත්තුගේ ක්‍රිකට් දස්කම්වලට උපහාරයක් සහ Sydney Thunder හි ප්‍රවර්ධන කටයුතු ඉලක්ක කර ගනිමින් මෙය සිදුකිරීමට නියමිතයි.

එහි එක් ප්‍රවර්ධන අරමුණක් වන 'විවිධ රටවල ක්‍රිකට් සංස්කෘතීන් සැමරීම' මෙසේ ආසන කළාපයක් වෙන්කිරීමේ මූලික පදනම වී තිබෙනවා.

මේ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)