colombotimes.lk
සිංහල | English

22 June 2024

කුලී නිවෙස් හිමියන්ට බද්දක්




පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන්.

මෙම බද්ද 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවයි.

මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙනවා.
(colombotimes.lk)