colombotimes.lk
සිංහල | English

28 June 2024

සරත් ෆොන්සේකා රනිල් ළඟට යනවා - පලනි දිගම්බරම්



පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සමඟි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට අපේක්ෂා කළ බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් පවසනවා.

නමුත් අපේක්ෂක ධූරය ඔහු වෙත ලබා නොදීම හේතුවෙන් සරත් ෆොන්සේකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව විවේචනය කරන බව ඔහු කියා සිටියා.

හමුදා මානසිකත්වයෙන් පෙළෙන සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සූදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

හැටන් වැලිඔය ප්‍රදේශයේ අද (21) පැවති පක්ෂ රැස්වීමකදී පා.ම පලනි දිගම්බරම් මෙම අදහස් පළ කළා.

(colombotimes.lk)