colombotimes.lk
සිංහල | English

28 June 2024

පළාත් සභා පාසල් සඳහා නව ගුරුවරුන් පත් කරයි



පළාත් සභා යටතේ පවතින පාසල්වල ගුරුවරුන් 8139 දෙනෙකුගේ හිඟයක් මේ වන විට පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු කියා සිටියේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට විසඳුමක් ලෙස විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගන්නා බවයි.

ඒ අනුව දැනට බඳවාගෙන තිබෙන සහ ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත ගුරුවරු සංඛ්‍යාව දැක්වෙන්නේ 11,048ක් ලෙසයි.

එමෙන්ම ජාතික පාසල්වලට ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.      
(colombotimes.lk)