colombotimes.lk
සිංහල | English

28 September 2024


ප්‍රදේශ කිහිපයක කාලගුණය හෙටත් දරුණු අතට



බස්නාහිර, සබරගමුව පළාත්වලටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් හෙට (23) දිනයේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් විටින් විට පැ. කි. මී. 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. 
(colombotimes.lk)