colombotimes.lk
සිංහල | English

28 September 2024


ලොව ප්‍රථමවරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්



ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි මස 04 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයා නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වීමට නියමිතව ඇත්තේ AI ස්ටීව් ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)