colombotimes.lk
සිංහල | English

28 June 2024

ශ්‍රී ලංකාවේ 8ක් ILT20 ක්‍රිකට් තරගාවලියට



ඉදිරියේදී පැවැත්වෙන ILT20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු එහි කණ්ඩායම් විසින් රඳවාගෙන තිබෙනවා.  

ඒ අනුව Abu Dhabi Knight Riders කණ්ඩායම චරිත් අසලංකවද Desert Vipers කණ්ඩායම වනිඳු හසරංගවද Dubai Capitals දසුන් ශානක සහ දුෂ්මන්ත චමීරව රඳවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම MI Emirates කණ්ඩායම කුසල් පෙරේරා සහ විජයකාන්ත් වියස්කාන්ත් ද Sharjah Warriors කණ්ඩායම ඩිල්ෂාන් මධුශංක සහ කුසල් මෙන්ඩිස් රඳවා ගත් ක්‍රීඩකයන් අතරට ඇතුළත්.

තුන්වන වරට පැවැත්වෙන ILT20 තරගාවලිය 2025 ජනවාරි 11 සිට පෙබරවාරි 9 දක්වා අබුඩාබි, ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)