colombotimes.lk
සිංහල | English

04 May 2024

සති තුනකට පසු උතුරු ගාසා තීරයට නව මාර්ගයකින් ආධාර



සති තුනකට පසු පළමු වරට උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම සඳහා නව ගොඩබිම් මාර්ගයක් භාවිතා කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ලෝක ආහාර වැඩසටහනේ ලොරි රථ හයක් ගාසා දේශසීමාවේ ප්‍රවේශ මාර්ගයක් හරහා ගමන් කළ බවයි.

පුණ්‍යායතනයක් විසින් බෙදා හැරීම සඳහා තවත් ආහාර ආධාර ටොන් 200ක් රැගත් බෝට්ටුවක් ද සයිප්‍රස් සිට පලස්තීනය වෙත යාත්‍රා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
(colombotimes.lk)