05 January 2026

logo

SL Vs NZ - 1st Test | පළමු දිනයේ වැඩි වාසිය සිංහයන්ට



ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් රැස් කරගෙන සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කර ගැනීමට සමත් වුණා.

(colombotimes.lk)