colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


ජනපතිවරණය පැවැත්වෙන දිනයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්



ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොළගේ පවසනවා.

එළඹෙන 22වන ඉරිදා දුර ගමන් සේවා ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදු විය හැකි බවත් ඔහු සඳහන් කළා.

මේ අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ක්‍රියාත්මක කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)