09 May 2025


මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න පහළට



ශ්‍රී ලංකාව තුළ මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න පහළ ගොස් ඇති බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙවර මහ කන්නයෙන් මෙට්‍රික් ටොන් මිලියන 2.9ක් අපේක්ෂා කළද ලැබෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බවයි.

රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයන් මීට බලපා ඇති බවත් යම් හෙයකින් සහල් වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් ඔහු සඳහන් කළා.

 
(colombotimes.lk)