09 May 2025


හෙලිකොප්ටරය කඩා වැටීමේ සිද්ධිය විමර්ශනයට කමිටුවක්



ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 9දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම බෙල් 212 හෙලිකොප්ටර් යානය අද (09) උදෑසන එලෙස මාදුරු ඔය ජලාශයට කඩා වැටුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුළු 12දෙනාම බේරාගෙන ඇති බවයි.

(colombotimes.lk)