09 May 2025


මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක ප්‍රදානයක්



මාලදිවයිනේ ක්‍රියාත්මක කරන වනවගා ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒකදේශීය නොවන ශාක 1000ක් මාලදිවයින රාජ්‍ය වෙත ප්‍රදානය කිරීම ඊයේ (08) සිදු කර තිබෙනවා.

ඒ පරිසර අමාත්‍යාංශයේදීයි.   

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පාරිසරික සහයෝගිතාව වර්ධනය කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියට අදාළව ඒකදේශීය නොවන ශාක කිහිපයක් සංකේතාත්මකව මෙරට මාලදිවයින් තානාපති කාර්යාලයේ මහකොමසාරිස් Masood Imad වෙත ප්‍රදානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් ද සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)