02 April 2025


රිය අනතුරු හේතුවෙන් රෝහල්වලට දැවැන්ත පිරිවැයක්



මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු වැළැක්වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඊයේ (29) කොළඹදී පාගමනක් පවත්වා තිබෙනවා.

ඒ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින්.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සද එක්ව සිටියා.

සෑම පැය 04කට වරක් රිය අනතුරකින් මෙරටට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන බවත් මේ වන විට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රිය අනතුරු හේතුවෙන් රෝහල්වලට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවයි

 
(colombotimes.lk)