16 July 2025

logo

මෙරට වෙළඳපොළේ රන් මිලෙහි පෙරළියක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (02) පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 929,739ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (01) සටහන් වුණේ රුපියල් 932,897ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 240,550ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,070ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,800ක් ලෙස සටහන් වුණා.
 
(colombotimes.lk)