06 April 2025


සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක් පත්කරයි



සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි කේ. එස්. දිල්හානි පත් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් ලෙස සේවය කරනු ලබනවා.

ඒ අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් ඇයව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)