ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සඳහා 640දෙනෙක්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (03) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම තම රජයේ අරමුණ බවයි.