ලබන මාසයේදී තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව 1,380,000ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)