13 December 2025

logo

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය නතර වෙයිද ?



ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12.00 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වනවා. 

ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලමින්. 

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. 

එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් එම තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)