02 August 2025

logo

දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පාර්ලිමේන්තු හැසිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට කතානායකවරයා පත් කළ කමිටුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඉවත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට පුරප්පාඩු වූ එම කමිටුවේ සාමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)