07 June 2025


කටුනායක ගුවන්තොටුපළ ගැන විශේෂ තීරණයක්



කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනාගැනීමේ කැමරා සවි කිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේ වන විට එහි ආරක්ෂක කැමරා කවුළු 08ක පමණක් සවිකර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවන්, වරෙන්තුකරුවන් හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් විදේශගත වීම හා විදේශගතව සිට පැමිණීමේදී හඳුනාගැනීම එමඟින් සිදු කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)