07 June 2025


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගැන තීරණයක් ගනියි



ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12.00 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

ඒ අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි. 

එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් සැලසුම්කර තිබූ වර්ජනය ක්‍රියාක්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. 

(colombotimes.lk)