පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශපත් නොමැති බව ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.
ඒ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්කුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ප්‍රභූ පැලැන්තිය වුවත් පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවයි.
මහා සංඝරත්නයට, විදේශ තානාපතිවරුන්ට, විශේෂ අමුත්තන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පමණක් ඒ වෙනුවෙන් පහසුකම් සළසා ඇති බවද උන්වහන්සේ අවධාරණය කළා.
(colombotimes.lk)