06 June 2025


කොටස් වෙළෙඳපොළ අදත් ඉතිහාසගත වෙයි



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 138.66කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,353.05ක් ලෙසයි. 

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන් 7.3ක් ලෙස සටහන් වී තිබෙනවා. 

 
(colombotimes.lk)