07 June 2025


ඩෙංගු රෝගීන් ගැන විශේෂ අනාවරණයක්



මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පාසල්වලින් 50%ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බවයි.

ඉන් 14% කින් මදුරු කීටයන්ද හමුවී ඇති බවද ඇය ප්‍රකාශ කළා.

ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළේ මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල් පද්ධතිය පිරිසිදුව තබා ගැනීමට සිසුන් මව්පියන් හා ගුරුවරුන් විසින් වගබලා ගැනීම අතිශයින් වැදගත් කාර්යයක් බවයි.  

මේ අතර පාසල්වල ඩෙංගු මර්දනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව පාසල් කාලාපවලට බෙදා පිරිසිදු කිරීම මෙන්ම ඒ සඳහා වගකියන ගුරුවරයෙක් පත් කිරීමටද උපදෙස්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

සෞඛ්‍ය අංශ සමඟ ඒකාබද්ධව පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළා. 

ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24361ක් බවයි. 

(colombotimes.lk)