මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 14දෙනෙක් සැකපිට ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් පොලීසිය සඳහන් කළේ ඔවුන් සන්තකයේ තිබී අයිස්, ගංජා සහ දුම්කොළ මිශ්‍ර මාවා අත්අඩංගුවට ගත් බවයි.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කර ඇති මෙහෙයුම්වලට සමගාමීව නල්ලතන්නිය, මස්කෙළිය, පොල්පිටිය, නෝටන්බ්‍රිජ්, ගිනිගත්හේන සහ නෝර්වුඩ් යන පොලිස් ස්ථානවලින් සැකකරුවන් 14දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ අදාළ සැකකරුවන් අද (22) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)