යුක්තිය මෙහෙයුමෙන් පැය 24කට කොටු වූ පිරිස 1426ක්



ගතවූ පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා අපරාධකරුවන් 1426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් භාරයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 86ක්, අයිස් ග්‍රෑම් 782යි මිලිග්‍රෑම් 722ක්, ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 774ක්, මාවා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 100ක්, මදන මෝදක ග්‍රෑම් 550යි මිලිග්‍රෑම් 700ක්, තුල් ග්‍රෑම් 86යි මිලිග්‍රෑම් 18ක්, ඈ ෂ් ග්‍රෑම් 380යි මිලිග්‍රෑම් 64ක් සහ මත්පෙති 1085ක්  සොයාගත් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)