colombotimes.lk
සිංහල | English

06 October 2024


වනිඳුට සහ බිනුරට දඩ



ජූලි 2 වනදා පැවති Colombo Strikers සහ Kandy Falcons අතර තරගයේදී ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් Colombo Strikers කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙනවා.

ඔහු විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අකීකරු වී ඇති අතර එය LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය උල්ලංඝනය කිරීමක්.

එම තරගයේදීම ඇඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් Kandy Falcons කණ්ඩායමේ වනිඳු හසරංගට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කර තිබෙනවා.

(colombotimes.lk)