සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මේ වන විට නතර කර තිබෙනවා.
ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
මෙම තරගය අද (17) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
එහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 37ක් රැස් කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
(colombotimes.lk)