26 December 2024


දිස්ත්‍රික්ක 04කට සහන කණ්ඩායම් 16ක්



දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික්ක 4කට ආපදා සහන කණ්ඩායම් 16ක් අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව සඳහන් කළේ අම්පාර, පුත්තලම, අනුරාධපුර දිස්ත්‍රික්කවල පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එම කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළා.

(colombotimes.lk)