05 May 2025


ත්‍රිවිධ හමුදා සේවයෙන් පළා ගිය සෙබලුන් 2325ක් අත්අඩංගුවට



ත්‍රිවිධ හමුදා සේවයෙන් පළා ගිය නිලධාරීන් ඇතුළු සෙබලුන් 2325දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට ඊයේ (02) දක්වා සිදු කළ මෙහෙයුම්වලදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර යුද හමුදාවේ 2017ක් නාවික හමුදාවේ 145ක් සහ ගුවන් හමුදාවේ 163දෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පොලීසිය මඟින් ද තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 281දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)