05 May 2025


ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹෙයි



පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ අද (05) පස්වරුව වන විට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයන් 8,287 දෙනෙක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (06) උදෑසන 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එය පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 13,759ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ සදහා ඡන්ද දායකයන් එක් කෝටි 71 ලක්ෂ 56,338දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට අපේක්ෂකයන් 75,589ක් තරග වැදීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු පුද්ගලයන්ට අදාළ තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගත හැකි බවයි.

ඒ සඳහා හෙට (06) පස්වරු 4.00 දක්වා අවස්ථාව හිමි වන බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ වෙනත් අයෙකුට අයත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ළඟ තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

(colombotimes.lk)