13 December 2025

logo

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්



පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් ද යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.

(colombotimes.lk)