17 July 2025

logo

ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්



ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ අනුග්‍රහය ලබන යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් අමතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
 
(colombotimes.lk)