26 December 2024


බීමතින් රිය ධාවනය කළ 251ක් අත්අඩංගුවට



උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පසුගිය 23 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඒ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ 251ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.