15 May 2025


ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන 26ක් අද වෙන්දේසියේ



ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස වාහන 26ක් අද (15) වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී වෙන්දේසි කරන සියලු වාහන වසර 10ක් ඇතුළත නිෂ්පාදිත වාහන බවයි.

මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ (14) දිනයෙන් අවසන් වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)