ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ සිදු කරන ලද දැනුම්දීමක් මත ඔහු අද පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගියදා මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයකදී ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තුසිත හල්ලොලුවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් පසුගිය 04වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
අදාළ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)