2021 වසරේදී රුපියල් මිලියන 700ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර තිබුණ ද ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබුණු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීමක් සිදු නොවූ බවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පවසා ඇති බවයි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට COPE කමිටුව පසුගිය 08වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එම අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

(colombotimes.lk)
