ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3000ක් පමණ මේ වන විට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න කියා සිටියේ මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීවරුන්ට වසම් කිහිපයක වැඩ බැලීමට සිදුවී ඇති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)